බිංදුව
වෙට්ටු දමන
තරාදියේ
කට්ට නොයයි
හරි පැත්තේ
තට්ටු කරලා
අතේ බලේ
මට්ටු කරයි තරාදියේ
හෙට්ටු කරලා අනේ අපිව
ගුල්ලා වගේ විද්දානේ
පර්ස් එකේ යටි යටියම
බිංදු කරයි මුදලාලි
බැදිම
සසල හද
නිසල කල
සිතවිලි ඔබ
බැදෙන හද
රිදුන හද
සැනසු ඔබ
සම්මතය පරදා
නැගුනු විට
සරල රේඛා
අතහැරදා
සාධනය කලා
මාසිත
විස්කෝත්තුව
විස්කෝතුවේ සුවද
තාමත් දැනේ සුවද
දිවට දැනේ සුවද
තාමත් දැනේ සුවද
ගුරුතුමි අතෙන්
5-8 බෙදා දෙන
එදා ඒ විස්කෝතුව
බඩ නිවු අරුමය
ඩෙස් එකේ වටේ යන
අත් උස්සන් පැන යන
මිස්ම්ස් කියා කැගසන
විස්කෝතුවේ අද රස නැත
Wednesday, April 16, 2008
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment