Friday, March 28, 2008

දකුණේ අයගේ රස පිනවන්නේ

දකුනේ වි ‍ගෙන බත් ඉදවන්නේ
ූතුරේ මුහුදේන් හොද්ද හැදෙන්නේ
මින්සුන් හැමගේ බඩ පිරවෙන්නේ
එහෙව් එකේ ඇයි හද රිදවන්නේ

දකුනේ දැතත් ූතුරේ දැතත්
එක හැඩයක් ගෙන වෙරදරවන්නේ
හදවත පමණක් වෙස් අරගන්නේ
කිමද අප සැම දුක් ූහුලන්නේ

Thursday, March 27, 2008

කවි පොතට පසුව ලියවු කව
විරාමය

නිල්වන් මුහුද නිසසලවු වෙලාවට
පුරහද හිදියි නිසසලව ලතාවට
ඔබ මා හමුවු සාගර තාලවට
දැනෙයි ඔබ රැවටු බව කාලාවට

මහගල් ඇත මුණිවත තබාගෙන
වැලිමත ඇත මතකය වෙලාගෙන
ගිලිහුණු පෙමක ශෝකය තබාගෙන
රිදවා හැර දමා ‍‍බොකල් ගියාය

තවමත් වෙරලට රැල්ල වෙලා ගෙන
ගෙන එයි සොදුරැබව ලතාවට
කකියන විටදි ලේ හද රිදුනාය
විදවමි සොදුර ශෝකය හද වෙලාගෙන


දකූ‍‍‍නෙන් මැටි ගෙන මුට්ටි හදන්නේ
උතූරේ ලිප්වල බත් ඉදවෙන්නේ
උතරේ තල් නොව මෙහේ ගෙන එන්නේ

Thursday, March 20, 2008




භාග්‍යයකි
මට කවි පොත එළි දැක්වීම
ජීවිතය ද භාග්‍යයකි
දකින්න කියවන්න
ජීවිතයේ ආදරය සෙනෙහස හිමි ,අහිමි ,නිසාම,
හඬන සිනාසෙන නිහඬ වන චරිත හදුනාගන්න
චරිතවල සිර වී සිටින ඔබ මා හදුනාගෙන

ජීවිතය අභාග්‍යයක් නොකොට හිමිඅහිමි දරා වෑයමෙන්, නැඟිට දිරිගන්න
මගේත් ඔබේත් අප හැමෝගේම ජිවිතයයි
එය අත්විඳීම භාග්‍යයකි...........

ඒ භාග්‍යය කවිවලින් පළවු කවි කිහිපයක් . . . .
භාග්‍යය
රැවටෙමි
හඩමි
සිනාසෙමි
නිහඩවෙමි
නිසලවෙමි
සසලවෙමි
ගැහැණියෙක්මි

මා මෙම නිසදැසට හෙතූ වුයේ ගැහැණියෙක් විම නිසා විදිනා පිඩනය නිසාමය පිරිමින් ලෙස ඞවුන්ගේ පිරිමිකම බලයක් කරගනිමින් කෙරෙනා හිත් වෙදනාකම් නිසාමත් සමාජයම ගැහැණුන් දෙස වපර ඇසින් බැලිමත් ඞනැම මොහොතකදි දමා යෑමට සුදුකමක් ලෙස පිරිමිකම බලයක් වන පරිදි යොදාගෙනය


කූණු- මල්

කූණු වගේද හිත අපේ
මල් නොවෙද හිත අපේ
කූණු වුනොත් හිත අපේ
මල් පරවෙයි සැමදිනේ

මල් වැඩුමට අත් ඇතේ
හිත් වැඩුමට මල් ඇතෙ ්
අප වැඩුමට හිත් නැතේ
ගත වැඩුමට පඩි නැතේ

හැමගේ කුණු ගත් අපි
සුන්දර කෙරුමයි අපි
වින්දන කෙරුමට අපි
විදිනා දුක් කටු අපි

අඩි හයේ කාමරේ
ඇදන් ඇත පොළිමේ
බලනු මැන විගසිනේ
පරවි යන මල් මෙලේසිනේ








ඡිවිතය
යහන් තිබේ නින්ද නෝයේ
ලිප්ද තිබේ බත් නොයිදේ
පොත්ද ති‍ෙබ් දරැවො නැතේ
යුද්ද ඇතේ දහම පොතේ

මෙම කවිය මා නිර්මාණය කිරිමට තරම් කම්පනයට පත් කලේ එදා ගිය යාපනයේ ගමනය මිනිසුන් විදිනා සැබෑ අත්දකිම මේ වන අතර හිත් තූල ඇති පිඩනය කදුලුවලට හැරිණි , පාසල් අනාතය ,ගෙවල් වල සැනසිමක්ද නැත පොදුවේ ගත් කල මුඑ රටේම පල්ලි පන්සල් කොවිල් බිහිවන අතර ප්‍රතිමා තැනින් තැන ඉදිවේ , නමුත් යුද්ධය පවති

සෙරෙප්පුයි පරක්කුයි
පරක්කු වෙලා ආවාට
සෙරෙප්පු දා ආවාට
දුන්නා වේවැල් කසාය
රිදෙනවා හිත අත කකියාම


ගුරුතුමාණෙනි විමසුවේ නෑ කිසිදා
ජීවිතේ ගෙවෙනා කම්කටොලූ කිමා
පරක්කුවෙලා ආවේ කිමද කියා
සෙරෙප්පු දමා ආවේ කිමද කියා

සෙරෙප්පු පළඳා ආවේ
විඳිනා හිඟ කම නිසාය
සෙරෙප්පු පරක්කු හින්දාම
හැමදාම හිත අත කකියන්නේ

මෙම කවියද සැබැම අත් දැකිම වේ මෙම කව්යට පසු ගුරුතුමන් ද සැබැ ලෙස පාසල් ළමුන් සමග මේම අත්දැකිම ප්‍රසිද්දියේම බෙදාගත්හ

සහතිකය

අත් වැඩ විෂයට
සහතිකය ලැබුණි මට
තාත්තා ඉවත දැමූ හිස්
සිකරට් පෙට්ටි වළින්
සෑදූ මාලිගයට

අධ්‍යපනය තුල ක්‍රමානුකුලව ක්‍රමයක් නොමැතිකම නිසා පාසල් දරුවන්ගේ මානසිකත්වය හා පවුල තුල ගොඩනැගෙන පිඩාකාරි අත්දැකිම් අධ්‍යපනය තුල හදුනාගෙවන නොමැති බව මෙයින් පෙනේ , මන්දයත් අධ්‍යපනය දරැවා ලබා ගතයුත්තේ නිදහස් මනසක් මෙන්ද ,නිරවුල්යය .

බලය

සැමියන්ගේ බල මහිමය
සීල්වෙලා බෝතල් වල
බිරියන්ගේ ඇට මස් ලේ
බයිට් වෙලා පීරිසි වල

අද පවුල තුල ගැහැණිය විදින්නාවු තවත් පිඩාකාරි අත්දැකිමකි .සැමියන්ටම අවෙනික වුවක් ලෙස මත්පැන් පානය නිසා ඉතා දුක් විදින ගැහැණුන් ඇත්තටම ඡිවිතය උගස් නොවෙද




පළමු පෙම







ඉදහිට වුව දුටුවද
නිවයි වෙහෙස දිවියම
මා හද මඬලේ
සුපිපෙන රිදවන
මල මිස
නුඔවෙන කෝම
ඡිවිතේ අත්තටම විදිනා අත්දැකිමම නොවේද පළමු පෙම තරම් රිදොවවන හඩවන විටෙක මතකයේ සොදුරැ අත්දැකිම් කැන්දවන විදින විදවන ඡිවිතය නොටව්ද,කිසිම දවසක නැවත හමුනොවන බව දැන දැනම බලාපොරොත්තු මැවෙන හැටි.



වැස්සට කි කව


දස දහස් ගවු දුර සිට
වැටෙනා වැහි බිෙද්
දරා ඉන්නම් මේ මහ පොළොව
රිදෙව්වත් නුඹ මට
ලෙන්ගතුයි මම නුඹට
ඉඩෝරය එන දින
වස්සානය වී දැවටියන්

මා වෙතම..



විටෙක මනහරය විටෙක දුක් බරය ස්භාධර්මය තුල පවතින ආදරය මාදුටු අකාරය



ඉදල කි කව


මායිම් වැට
හොඳින් හඳුනන
අපේ කුණු අනුන්ට දෙන
හොරෙන් වැලිටික අදින
හොරකම මා පුරුදු කරවන

මෙම අත්දැකිම සැබැ ලෙසම මවක් විසින් දරුවෙකුට ලබා දුන් උපදෙස්ය